Sunday, April 5, 2015

කරගැට .......

අවුවේ කර වේවි කමතට බත ඇදපු අප්පච්චිට අද උෂ්ණත්වේ සෙල්සියස් 37යි කිවුවට තේරුනේ නෑ. හැබැයි මම ඒක දැනගත්ත කියල අප්පච්චි ගොඩක් සතුටු උනා.. "මයේ පුතා හපන" කියල බුලත් කහට වලින් රටා වැටිච්ච දත් ටික පෙන්නලා කරගැට පිරිච්ච රළු අතෙන් පුළුවන් තරම් සිනිදුවට මයේ ඔලුව අත ගානවා මට තාමත් දැනෙනවා වගේ. ඒ කරගැට පිරිච්ච අත්දෙකෙන් මාව ඇදන් ගිහිල්ල ඉස්කෝලෙට දැම්මේ මගේ අතේ කරගැට නොන්නයි කියල මට තේරෙනකොට අප්පච්චි මේ ලෝකෙන් යන්න ගිහින්.


කරගැට අතින් මා සුව පහසුවට සැදු
ඒ අත් දෙකින් බත සරි කර බවුන් වැඩු
කරගැට නොඑන දෑතක් මට නිතින් පැතු
අප්පචි නුබයි මා ගැන නිතින් සිතු..
දෑතේ සවිය දියකර මා සවි කරලා
ගතේ දහදියෙන් මන් පෙත් හෙළි කරලා
නෙතේ කාන්තිය තනියට ලග තියලා
අප්පච්චි ගියා මා එන තුරු නොබලා ....

1 comment: