Showing posts with label කරඹ. Show all posts
Showing posts with label කරඹ. Show all posts

Friday, July 21, 2017

කරඹ

ඉඩෝරෙට පෙම්බැන්ද
කරඹ මල් පොකුරකට 
වසන්තය අවැසි නැහැ 
ගෙනයන්න ඈතකට 

චන්ඩ හිරු රස ගෙනෙන  
කටු අරඹ සුව යහන
වසන මිහිදුම් එපා
ගෙනයන්න ඈතකට 

කටු තුඩෙහි රැඳී මිහිර 
සැඩ සුළගෙ සුමුදු බව 
නසන වැහි බිඳු  එපා 
ගෙනයන්න ඈතකට

වියලි නටුවෙහි සුවය 
දුහුවිලෙහි ආදරය 
උරන පිනි බිඳු එපා 
ගෙනයන්න ඈතකට......