කරඹ මල් පොකුරකට
වසන්තය අවැසි නැහැ
ගෙනයන්න ඈතකට
චන්ඩ හිරු රස ගෙනෙන
කටු අරඹ සුව යහන
වසන මිහිදුම් එපා
වසන මිහිදුම් එපා
ගෙනයන්න ඈතකට
කටු තුඩෙහි රැඳී මිහිර
සැඩ සුළගෙ සුමුදු බව
නසන වැහි බිඳු එපා
ගෙනයන්න ඈතකට
වියලි නටුවෙහි සුවය
දුහුවිලෙහි ආදරය
උරන පිනි බිඳු එපා
ගෙනයන්න ඈතකට......
කරඹ යායේ - ළවැලි පාරේ
ReplyDeleteමගේ හද දිනු අරුන්දතී .... :p