Tuesday, September 20, 2016

බෝඩිම

හිනාවක් කතාවක් රුවක් නැති කුටිය තුල
සෙයිලමේ මන් ගෙවන  විඩාබර සවස් කල
ඔබ දනී නොදනනීද ගෙවෙන කල, කටු කොහොල
සිපිරි ගෙය මෙය මගේ කුමද මම වරද කල

රළු අතින් හැදෙන බත ඇල් රසට ගිලෙන කල
රෝස් ගඳින් මාලු පිනි නාස් පුඩු දැවෙන කල
මුදල් මිස හදක් නැති නොමිනිසුන් විඳින කල
සතර පෙර නිම් මැවේ පාලු මේ කුටිය තුල

කුජනය පසෙක ලා ගර්ජනය කන නැගෙන
හුස්ම පොද පවා විස සෙයිලමේ මම හිඳින
එකුන් පරයා නැගී තරගයට යුද වැදෙන
යුද්ධයේ ජයක් කීම පරාජය මිස ලැබෙන

සතර කොන පාළු ගෙයි තනිකමෙන් දැවී දැවී
ගෙවෙන කල අද නිමෙයි හෙට නිමෙයි ලත වේවි
කෙළවරක් නොපෙනි කල සිත දැවෙයි දැඩි වේවි
බලකරයි අනකරයි නිමන්නට දුක් දිවි

1 comment:

  1. නැගෙන කඳුලින් ඉබේ දෙනෙත් කෙමි පිරෙනවා
    "පරණ" බෝඩිම මගේ මතකයට නැගෙනවා

    ReplyDelete