Tuesday, January 30, 2018

ෆැන්ටසිය

දෙතැනක හිද බලා
නෙත් දැහැනෙන් වෙලා
ඔබ මා ලං වෙලා
සිත කුල්මත් වෙලා

ආදර ගග දිගේ
සිහින ඔරුව මගේ
පදවන දෑතක් සෙවුවෙමි
එය මට හමු වෙලා

ආදර ගග දිගේ
සිහින ඔරුව ඔබේ
දිවි ඇති තෙක් පදවන්නෙමි
මියුරු මුහුද බලා

දෙතැනක හිද බලා
නෙත් දැහැනෙන් වෙලා
ඔබ මා ලං වෙලා
සිත කුල්මත් වෙලා

දිවි කතරේ මගේ
තනිකම ඇත පිරි
ඒ දාහය නිවාලන්න
විල් තෙර හමු වෙලා

දිවි කතරේ ඔබේ
සිහිල් වැස්ස වෙලා
හැම දාමත් මම එන්නම්
ඔබට සිසිල සදා  

දෙතැනක හිද බලා
නෙත් දැහැනෙන් වෙලා
ඔබ මා ලං වෙලා

සිත කුල්මත් වෙලා

1 comment:

  1. පලවෙනි වතාවට මෙහාට ගොඩවුනේ... බ්ලොග් එකට followers ගැජට් එක එහෙම දාන්ට...

    ReplyDelete