දුගියා , සහන මල්ල සහ ලංකාව ...
"සමුර්ධි ලාභීන්ට සහන මල්ලක් ", "ගැබිණි මවුවරුන්ට පෝෂණ මල්ලක්", "උගස් කල රන්භාණ්ඩ සඳහා සහන", "පොහොර සහනදාරය" , "උපදී ධාරීන්ට රැකියා"
මේ මේදිනවල දේශපාලන මාරකට්ටුවේ භාවිත වන , ඔබත් මමත් පටන් කුඩා කිරිසප්පයා දක්වා මනුෂ්‍ය ප්‍රානයන් අපටම විකිනිඉමට යොදාගන්නා තුන් කලටම වලංගු සිංහලෙන් කියතොත් මාර්කටින් වැකිය..
දුප්පත් කම, නැතිබැරි කම සිංහල රටේ ඇත්තන්ට නුහුරු නුපුරුදු නැතුවාසේම නිකන් ලැබෙන උණ හෙම්බිරිස්සාව උවද තදින් බදාගැනීම සිංහල රටේ වැසියන්ගේ ඇගෙන්ම එන්නකි. "බඩ විකිණීමේ නියාය" එලි දකින්නේ මේ කරනා දෙකම පදනම් කරගෙන යයි මම සිතමි. සුද්දා අපේ රට අරාජික කිරීමට යොදාගත් නියාය වුයේද මෙයමය. නිකන් ලැබෙන අරක්කු බෝතලයට, රෙදි කච්චියට , දුන්කුදු හෙප්පුවට රට පාවාදුන් කාලයක් ලංකාවේ විය.
1948 වසරේ,භාගික නිදහසින් පසු ශ්‍රි ලංකාවේ ලංකාවේ ප්‍රථම අගමැති බවට පත්වන්නේ ඩි.එස් සේනානායක මැතිතුමාය ඒ නිතරගයෙන්ම වැනිය. සටන පටන්ගන්නේ එතනින් පසුවය. පක්ෂ පාට වලට රට බෙදී යද්දී, චන්ද පොරය උණුසුම් වන්නට වන්නට හොද හොද ගුණ්ඩු කරලියට එන්නේ රට සේවයක් කිරිඉමට වඩා තම පවුලේ බලතල වැඩි කර ගැනීමට වග පැහැදිලි දෑසින් අතීතය බලන හය හතර දත් ඕනෑම අයෙකුට පැහැදිලිවනු ඇත.
මේ දේශපාලන සංකීර්ණ තාවය මත මේ "බඩ විකිණීමේ නියාය" හොද තුරුම්පුවක් බව බල ලොබින් සියලු දෙනා අවබෝධ කරගත්තෝය. අපට වරදින්නේ එතැන් පටන්ය.
අඹුඩ ලේන්සුවෙන් පටන්ගෙන ඉඩම ගේය දක්වා වටිනා කමේ හැටියට ලබාදෙන්නට පටන්ගත් දේශපාලන වෙළෙන්දෝ බිහිවන්නේ මේ නියාය ක්‍රියාවේ යොදවන්නන් ලෙසය. ඔවුන්ගෙන් නිකන් ලබාගන්නා දෙය පොර කමින් ලබාගත් අප චන්දයකින් ඔවුන්ට සලකන්නට මැලි නොවුයේ කෘතගුණ සලකන්නටය. ඒ ලබාදෙන චන්දයෙන් පාර්ලිමේන්තු ගිය ඇත්තෝ දියවන්නා හෝටලයේ කුණුහරුප කියමින් අතල් ගෙන චන්දය දුන් එවුන්ට පෙනෙන්නට මාලිගා සාදාගෙන ජිවත් වුහ. නැවත ඔවුන් පාරට බැස්සේ ඊලග චන්දෙට නිකන් බඩු දෙන්නටය..
මෙය හොද වෙළඳාමක් බව කිව යුතුමය. ආයෝජනය කලයුත්තේ එක්වරක් පමණි. මුදල් දී බඩු ටිකක් බෙදා දී පාර්ලිමේන්තු ගියවිට ඒ මුදල මෙන් තුන් හතර ගුණයක් උපයාගත හැකි මාර්ග පෑදේ. ඒ මුදල් ලබාදෙන්නේ චන්දය දෙන ජනතාවමය. නිකන් ලබාදෙන අඹුඩ ලේන්සුවට රෙදි කච්චියක ගණන ඔවුන්ට ලැබෙන බව දන්නේ ඔවුන්ම පමණකි. ඉගාව චන්දෙදි බඩු දෙන්නේ ජනයාගෙන් ලබාගත් මුදලෙන්මය. තනි ලාබය.
1980 පමණ වනවිට ලංකාවේ අද්‍යාපනය විදිමත් වන්නේ විශ්ව විද්‍යාල වලට පින්සිදුවන්නට බව කිව මනාය. සමාජ අරගල කිහිපයකින් පසු 1990 වනවිට ලංකාවේ දේශපාලනය මදක් විදිමත් වනවිට "බඩ විකිණීමේ නියාය " පමණක් නොසහෙන බව ඒත්තු ගියේය. "පච මල්ල නියාය" අදාගැනීමට දේශපාලක වෙළෙන්දන් කටයුතු කලේ මේ නිසාවෙනි.
නිකන් යමක් දී චන්දය ලබාගත හැකි තරමේ අද්යාපන මට්ටමේ සිටියන්ට "බඩ විකිණීමේ නියාය" ක්‍රියාත්මක කල අතර වඩාත් බුද්ධිමත් ජනතාවට "පච මල්ල නියාය" වටිනා තුරුම්පුවක් විය. අනාගත ව්‍යවස්ථා සංශෝධන, ආර්ථික වැඩසටහන්, අද්යාපන නැබුරුතා වැනි හර බර පච ඔවුන්ට රවුම් කොට ලබාදීම සහ චන්දෙන් පසු ඒවා අමතක කරවීම මේ නියායේ වැදගත් අංගයන්ය. මේ අතර මේ නියාය දෙකම ක්‍රියාත්මක කලයුතු පිරිසක්ද විය. බොහෝවිට ඔවුන් සෑහුණේ රැකියාවකිනි.
ලංකාව සහනාධාර වල වහල් භාවයට පත්වන්නේ මේ නිසාවෙනි. දැන් ලංකාවට සහනාධාර නැතුව බැරිය. සහනාදාර එනතුරු මග බලා සිටින සංස්කෘතියක් ගොඩනැගී හමාරය. රට හැදීමට උගත් බුද්ධිමත් ව්‍යවස්ථාවක් යෝජනා කොටගෙන පාර්ලිමේන්තු මැතිවරණයකට සැරසෙන කිසිම නායකයෙකුට එය අතිරේක සුදුසු කමක් පමණි .. වඩා වැදගත්වන්නේ ඔහු නිකන් දෙන ප්‍රමාණය සහ ඒවා ලබාදෙන වපසරියයි.. කිසිවෙක් සහනාදාර නැතිව ජිවත් වන අයුරින් දිගුකාලින සැලැස්මකට අනුව වැඩ කළහොත් ඊලග වතාවේ ඔහුට වන්නේ ගෙදර නවතින්නටය. ලංකාව නිකන් කෑමට ඇබ්බැහි වී ඇති බවට මේවා බලැති නිදසුන් වේ..
චන්දයක් ඇත පෙන මානයේය. මෙවරත් සහනාධාර කරලියට බස ඇත. සහනාදාර අවශ්‍ය ඇයි ? සහනාධාර අවශ්‍ය නොවන තැනට වැඩ කරන්නේ කෙසේද ? රැකියා ලබන උපාධි ධාරීන් ඇතිකරන්නේ කෙසේද? මේ කිසිවක් මෙවරත් කරලියේ නැත ...
Saturday, June 6, 2015
Monday, May 11, 2015
මළගම
සත්‍ය සිදුවීමකි...
මාගේ මිත්‍රයෙකුගේ මවගේ මළගම අවසන් දිනයයි.. මිත්‍රයා ගේ වැඩි මහලු සහෝදරයා පොලිසියේ සෑහෙන තදයෙකු බව පළමුවෙන්ම සටහන් කරනුයේ ඔහු මිට සම්බන්ධ වන නිසාවෙන්ය.
මෘත දේහය තැම්පත් කිරීම හෝ වල දැමීමට වඩා දැවීම වඩාත් පරිසර හිතකාමී ලෙස මාද පුද්ගලිකව පසසමි...ලක්ෂ 7-8 කට පර්චස් 3-4 ක් ගෙන, එහි මිනියක් වලදමා කොන්ක්‍රීට් තට්ටුවක් දැමීමට වඩා, එය මත වැඩෙන වල් පැලය වුවද කරන පරිසර ශෝධනය වටිනේය යනු මගේ අදහසයි.
මගේ මිතුරාගේ පවුලේ අදහස මෙයම දැයි නොදත් නමුත් ඔවුන්ද තමන්ගේ මව ගේ මෘත දේහය දැවීම සඳහා තීරණයක් ගෙන තිබිණ.. ඒ සඳහා අදාළ ප්‍රාදේශීය සභාවට ගොස් අවසර ගැනීම සඳහා පැවරුනේ මටත් මගේ තවත් යහළුවෙකුටත් නිසාවෙන් මා එහි ගියෙමි.. සැබවින්ම කාර්යක්ෂම සේවයක් ඉටුකළ අදාළ නිලධාරි තැන අපිට අදාළ දිනයක් සහ වෙලාවක් වෙන්කර දුන්නේ ඉතා කඩිනමිනි. අදාළ දින පස්වරු 4.30ත මෘත දේහය දැවීමට කටයුතු යොදාගන්නා ලදී...
වෙලාව අදාළ දින පස්වරු 2.00 පමණ වන්නට ඇත. මා සමග දින ලබා ගැනීම සඳහා ගිය සගයාගේ ජංගම දුරකථනය නාද වුයේ හාමුදුරුවෝ පාන්සකුලය දීම ඇරඹීමත් සමගම බැවින් ඔහු මදක් අපහසු තත්වයටත් පත් වුයේ දඩ බඩ පන්නයේ ඉංග්‍රීසි සින්දුවක් ඔහුගේ ජංගම දුරකතනයේ නාදය වු නිසාවෙනි.
නැගී ගිය ඔහු නැවත පැමිණියේ මහත් කලබලයෙනි. මටත් මගේ මිතුරාටත් පසෙකට කතාකළ ඔහු කී කතාවෙන් අපට කරදරයටත් වඩා මහා කෝපයක් හටගත් බව කිවයුතුය.
සංවාදයේ යෙදී තිබුනේ තිබුනේ ප්‍රාදේශීය සභාවෙන් යයි කියාගන්නා ලද පුද්ගලයෙකි. ඔහු කියා තිබුනේ පළාත් සභා මන්ත්‍රී කෙනෙකුගේ පියෙක්ගේ ආදාහනය ඇති නිසාවෙන් 2.30 ට කලින් මෘත දේහය රැගෙන නාවොත් අද දින අදාහන කටයුතු කල නොහැකි බවකි. මම වහා ප්‍රාදේශීය සභාවේ නිලධරී තැන ඇමතීමි..
"මහත්තය මේක මාර වැඩක්නේ අපි ඔක්කොම ලෑස්ති කරලා මිනිය එලියට ගත්තාම මොකක්ද මේ කියන කතාව. මේක මල්වට්ටියක් නෙමේ මිනියක් හිතුන වෙලාවට එලියට ගන්නයි, ඇතුලට දාල දවස් ගණන් තියාගන්න බෑ.."
මම විස්තරය කියාගෙන ගියෙමි .. ඔහු මදක් පැටලවිලි සහගතව
"මොකක්ද මහත්තය ප්‍රශ්නේ.. මම දැනුවත්ව එහෙම දෙයක් වෙලා නැනේ"
යයි කියුවිට මාද අග මුල පැටලී ගියෙමි.. කාගේ හෝ නොමනා විහිලුවක්ද ? විය නොහැක මරණයකින් විහිලු කරන තරම් පහත් මිතුරෙකු හෝ පස මිතුරෙකු අපට නැති බව කාටත් හොදටම විශ්වාසය..
මම යහළුවාගේ දුරකතනයෙන්ම, ඇමතුම ලද අංකයට ඇමතීමි..
"හලෝ මහත්තය කවුද අපි දැන් සභාවට කතාකලා එහෙම කල් දැමීමක් කරල නෑ."
දුරකතනයේ එහා කෙලවරේ සිටී පුද්ගලයා ගෙන් ලද පිළිතුරය මේ
"මම මේ ***** ඇමති තුමාගේ ලේකම් **** ඒක අපි සභාවට දන්වන්නම්.. ඔබ තුමාලා දැනුවත් කරන්නයි මම කිඋවේ .. "
මට සිතට ආ වදන් පෙළ වචන කලේ නම් එතුමා අන්ගජාතය කපාගෙන දිවි නසාගනු ඇත යන්න සිතට ආ නිසාවෙනුත් .. අපි පළාත් සභාවට යැවූ මිනිසත් කම නොදත් හරකෙකුගේ ලේකම් නිසාවෙන් මගේ අංගජාතය අහිමි වීමෙ ඉඩකඩක් ඇති නිසාවෙනුත් මම මගේ වචන සගවා මෙසේ කීවෙමි..
"ඒක මාර වැඩක්නේ මහත්තය අපි 4.30 ට වෙලාව වෙන්කරගෙන තියෙන්නේ.. දැන් මිනිය එලියට අරන් පාන්සකුලේ දෙනවා.."
"එහෙනම් ඉතින් ඕක ඉක්මනට ගෙන්න.. අපි ගෑස් දෙකක් දෙන්නම් ඉක්මනට ගහල පුච්චලා දාමු වැඩේ ඉවරනේ.. නැත්නම් ඉතින් 9 වත් වෙයි.."
මම මගේ මව අහිමි වු මිතුරාට දුරකථනය නොදීම ගැන තවමත් සතුටුවෙමි. පළාතේ ලොකුම කසිප්පු කාරයා වු, ජේ වී පී කලබල සමයේ තද මිනීමරුවෙකු, මංකොල්ල කාරයෙකු ලෙස ප්‍රසිද්ධ, නම් දරා සිටී මියගිය ඇමති පියා, ඒ පවු සුදු සරමකින් සගවා නවගුණ වැල කරේ දවටා ප්‍රදේශිය සභාවට චන්දෙ ඉල්ලුවා කියා කීවද ඉල්ලීමට වඩා එහි තිබුණේ උදුරා ගැනීම බව මටද මතකය..
එහෙවු පාපතරයෙකුගේ මළගම වෙනුවෙන් වසර තිහක් තිස්සේ ළමුන් දාස් ගණනක නැණ පෑදු.. නැණ ගුණ පිරි දරුවන් තිදෙනෙකුගේ මවක් බාබිකියු කිරීමට සැරසෙන මේ කටු කන්නා ගැන මට ආ තරහව තවම මා දවයි..
"ඉතින් මහත්තය ඔයාලට ඕක කලින් වෙන් කරගන්න තිබ්බේ නැද්ද ? මොකෝ දැන් මේක පස්සට ගන්නද ? ... මෙහෙම කරමු මහත්තයල ඕක 5.30 ට ගන්න අපිට කොහොමත් වැඩි වෙලා යන්නේ නැහැ.. හැබැයි අපිට මේක පස්සට ගන්න වත් කලින් ගන්නවත් දැන් වෙලා මදි... "
"මේකනේ මහත්තය මේවා ඉතින් දේශපාලන වැඩනේ.. ඔන්න ඕක ටිකක් කලින් ගෙන්න .. දැන් ඇමති තුමා කතාවක. කල් දාන්න ගියොත් හොදටම කේන්තියි.. මම තියනවා ටිකක් කලින් ගේන්න.. නැත්නම් ඔබතුමාලටමයි කරදර.. මිනිය එළියේ තියන් ඉන්නවෙයි ..දන්නවනේ ඉතින් scod එහෙම ඉන්නවනේ.."
දුරකථනය විසන්දි විය..මා පත්වුයේ මහත් අසරණ භාවයකටය. විස්තරය මම මිතුරාට ලගුකොට කීවෙමි. මදක් තැවිල්ලෙන් කල්පනා කල ඔහු
"ලොකු අයියාට කියල බලමු ඉක්මනට..."
ඔහු වහාම අයියා කැදවිය. මම විස්තරය ඔහුට කීවෙමි.
"ගනින් මල්ලි කෝල් එකක්"
මම ඔහුට අවනතවිමි...
"මම කතාකරන්නේ ****** පොලිසියේ ***** මොකක්ද මේ කතාව මේ මගේ අම්මගේ මළගම මොනා හරි ප්‍රශ්නයක් තියනවද? "
සංවාදයේ යෙදෙන්නා යමක් කීය..
"මම දන්නා ඇමතියෙක් නෑ ඔයි එහෙම එකෙක් ඇමති නෙමේ අගමැති උනත් කමක් නෑ මම වෙලාව වෙන් කරගත්තනේ ඒ වෙලාවට මම එනව.."
නැවතත් එහා පැත්තෙන් මිමිනීමකි.
"දැන් තමුසේ කවුද ? දෙනවා ඔය කියන ඇමතිට ඕක ගිහිල්ල.."
"ඔබතුමා කවුද ?"
අදාළ පුද්ගලයා පිළිතුරු දෙයි.
"ඇමති තුමා මම ***** පොලිසියේ ***** ඔබතුමා වෙලාවක් වෙන්කරගන්නතුව කරන මේදේවල් වලින් අපිනේ අමාරුවේ වැටෙන්නේ.. දේවල් කරන්න ඕනේ පිළිවෙලක් තියනවනේ.. අපි 4.30 ට වැඩේ කරනවා ඔබ තුමාට ඕනේ නම් 5.30 ට ගන්න ඊට කලින් නම් දෙන්න පිළිවෙලක් නැහැ..."
නැවතත් එහා පස පුද්ගලයාගේ දෙසුමකි..
"කරන්න දෙයක් නෑඇමති තුමා.. ඔබ තුමාගේ පියාගේ මළගම වගේම තමා මගේ අම්මගේ මලගමත් මට.. ඒ දෙකේ කිසිම වෙනසක් පේන්නෙ නෑ ඔබතුමාට කැමති දෙයක් කරන්න බලන්න මම හතරයි තිහට මිනිය ගේනවා.. අනික ඔය කියන scod කතා මට අදාළ නෑ මොකෝ මම තමා ඒක දෙනවද නොදෙනවද තීරණය කරන්නේ.. ඔබතුමා දන්නවනේ.. එහෙනම් ඇමති තුමා මට දැන් කතාව... මම තියන්නම්."
දුරකථනය විසංධි කල අයියා වචනයක් වත් නොකියා ගොස් වැඩ කටයුතු කරගෙන යනු පෙනින.
හවස 4.30 ට අපි මෘත දේහය රැගෙන ගියෙමු. අදාළ ඇමතිගේ හෙන්චයියන් දෙතුන් දෙනෙක් රැදී සිටිය නමුත් අපට බාධාවක් නොවීය.. පොලිස් නිල ඇදුමෙන් සැරසුණු පිරිසක් අප අසල රැඳී සිටියේය..
වහා අප අසලට ආ කටයුතු කරන්නන්, මෘත කලේබරය දාහකය තුලට දැම්මේ පුදුම හදිසියෙනි. තවත් දහන වායු ටැංකි දෙකක් අමතරව සවි කර තිබෙනු දුටු මට මගේ සගවා ගිය තරහව ඉවසා සිටිය නොහැකි විය. මම නැවත අයියා ඇමතීමි.
"අයියේ අන්න අරුන් ගෑස් ටැංකි 3-4ක් ගහල පුච්චලා දාන්න හදන්නේ අළු ගන්න වෙන්නේ නැහැ.."
අයියාගේ නෙතේ ඇවිලුණු ගිනි සිළුව මාද දවන තරම් විය.. ඔහු සිටියේ ශෝකයෙනි. මම කලේ නොමනා ක්‍රියාවක් බව පසක් වනවිට මම පරක්කු වැඩියයි මට සිතිනි..
අයියා, "ඇතුළු විම තහනම්" යයි ගසා තිබු, ක්‍රියා කරවන කුටිය තුලට වැදුනේ මාත් මිතුරාත් පිටිපසින් සිටියදීමය. එහි සිටී ඇමති ගෝලයන් අපි දුටුවේ එවිටය ..
"අපිට භස්මාවශේෂ ගන්න ඕනේ ඒ නිසා එක ගෑස් ටැංකියක් විතරක් ගහන්න. අයියා ක්‍රියාකරවන්නාට තරහ සගවා කිවේය."
"එහෙම බෑ අපිට වෙන වැඩ තියනවා මහත්තය.. ඇමති තුමාගේ එක ඊට පස්සේ.. එනිසා මේකට පැය භාගයයි තියෙන්නේ.."
ආදාහනාගාර ක්‍රියාකරු මහා හයියෙන් කියාගෙන යද්දී ඇමති හෙන්චයියන් ඇසෙන් ඉගිපානු මටත් මිතුරාටත් නොරහසක් විය..
ඉවසීමෙ සීමා තිබේ. මගේ මව නොවුනත් ඒ ඔවුන්ගේ අම්මාය.. කලේබරය ඔවුන් දසමසක් දරාසිටි ලේ කිරි කර පෙවූ අම්මා ගේය.. මේ වැතිර සිටින්නේ ඇයමය..
අයියාගේ ඉවසීම ඉර මත පතිත විය.. අප අල්ලන්නටත් ප්‍රථම ඔහුගේ යකඩ බාහුව ක්‍රියාකරුගේ කන හරහා පතිත විය.. අවුරුදු ගණනාවක් හොරු මිනීමරුවන් මංකොල්ල කාරයන් හැසිරවූ දෑත් අපට කිසිසේත් අවනත නොවීය. ක්‍රියා කරුගේ ගෙලෙන් අල්ලා එසවූ ඔහු
"මේ මැරිලා ඉන්නේ මගේ අම්ම... තෝ දැන් මේක එක ගැස් එකකින් දවනව .. නැත්නම් මම තෝවයි තොගේ ඇමතියවයි මේක අස්සට දාල ගැස් තුනෙන්ම දවනව"
කියනවිට හෙන්චයියන් ආගිය අතක් නොවිය...
මෘත දේහය සවස 6 වන තුරු දැවින. එතෙක් පිටත් රැදී සිටීමට ඇමතිට සිදුවීම මට මහත් සතුටකි. නමුත් තමන්ගේ මවගේ දේහය දහනයටත්, තමන් විසින් කතිරය ගසා පුටුවට දැක්කු ගොනෙකු හා සටන් වැදීමට සිදුවීම ගැන ඔවුන් තවමත් දුක්වෙති......
Sunday, April 5, 2015
උන්ගියාගේ රචනාව ......
ආදරණිය පී රනිල් අයියේ !
ඉතින් අයියේ සැප සනීප කොහොමෙයි ? කියල මම අහන්න යන්නේ නැහැය . මොකද අපෙ ඇත්තොන්ට මොකවෙතත් අයියලා සනීපෙන් කියල මම හොදින්ම දන්නා නිසාය.
අයියේ අපේ ඉස්කෝලේ හාමිනේට ඔනන්නැති දෙයක් නැතිය . උන්දා අකලට වැලි බෝවිටි පලදෙන්නහේ අපට පෙරලන්නේ පනිට්ටුය. සිංහල පාඩම කියා දෙන්ට උන්දා එනවාට අපි ඩිංගක් වත් මනාප නැත්තේ උන්දෑ දෙන රචනා ලියන්ට අපට වෙලාව නැතුවාටත් වඩා ඒ දෙන මාතෘකා අපට අපබ්‍රංස වෙච්චි නිසාවෙන්ය.
මේ ලගදි උන්ද දුන්න මාතෘකාව අයියා දන්නවානම් අයියා උන්ද ඉස්ඨාන මරු එවුවා කරනවාට අබිලිත්තක් හැක නැතිය. "හරකෙක් කතාකොරයි" උන්දැගේ මාත්තුරුකාව හේනන් ඕන්න. අපේ ගමේ කතකොරන හරක් නැතිය ඒවග මට සහසුද්දෙන්ම විස්වාස වහෙම අපේ ආත්තාද ඒ වගට කැට තියන්නේය. අපේ ගිරාමසේවක රාලහාමිගෙන් මේ වග හගිස්සන්ට බස් දුන්නේද අපේ ආත්තාය.
දැනට සිරිලංකා දීපයටම ඉන්න හරකාගේ ලිපිනය බොට දෙන්නන් හිටන්. කියා ගෙට උණ ගිරාමසේවක මහත්තය අයියාගේ පින්තුරය ඇන්න අවාමය මට ඉහේ මලක් පිපුනේ.
"ඔය නංගිලට මාලයක් දෙනවා , ඔය මල්ලිලට බෙස්ලට් එකක් දෙනවා " කියා අයියා කියනවා මට තම මතකය. අපේ ගමේ සියලාට චුඉන්ගන් දෙන්ට තනාපු හැටි මතක්කොට අපේ කිරි අත්තා වලකජ්ජ පනන් වෙනකන් හොක හොක ගා හිනා උනා මට මැවිලා පෙනෙන්නේය. අනේ උන්දා මලේ හිනවෙලාමය. උන්දගේ පනකෙන්ද ගියදා පන්සකුලේ දුන්න පොඩි හාමුදුරුවෝ දෙසනාවේ කිඋවේ උන්ද හිනා උනේ පින් මතක් වෙලා කියාය. එත් ඒ අයියගේ කතාව නිච්චි වෙලා වග මයේනන් අදහස වෙච්චි. මම ඔවුව කියන්ට ගෙහුං අපේ ආත්තාගෙන් පොරෝ පාර නොකා බේරුනේ පුරුවේ පිනකටය.
කොන්ඩේ සුදු අයියා කෙනෙක් අපේ ගමේ ඈයෝ දුටුවේ එදාමය. අයියාට මහචන්දෙන් පස්සේ ඇප නැතුව රිබෙන් ගිය වගක් අපේ මහප්පා ගිරිය පුප්පා මහා හඩින් කිවේ ඊට ටික දොහකට පස්සේය. යන්තම් රට බේරුනා කියා උන්ද කිවේ මක්කටෙයි මම තාම නිච්චි කොරනාවය.
මෙ වල් පල් අහන්ට අයියාට වෙලාව හිග යයි හිතනවාය. එනිසා කෙලින්ම කාරණය කියන්නේය .අයියාට ලගදි මහා අමාත්‍ය පට්ටමක් ලැබුණු විත්තිය අපේ අම්ම එක්ක පින් ලිදට ගිය වංගියක සිරිපිනා නන්දා කිවා මට මතකය. උනදාට ඕනන්නැති එකක් නැතිය. උන්දා කියන්නේ අයියාට වඩා අපේ ගමේ ගෑණු පිරිමි අයියා හොද වගකී. ඒ උන්ද දන්නා තරමය..
ආදරණිය අයියේ කාරණය මේකය. අපේ ඉස්කෝලේ හාමිනේගෙන් බේරෙන්ට අයියගේ කතාවක් මට එවන්ට කියා කාරුණිකව ඉල්ලන්ටය මේ ලියුම ලියන්නේ. එක පිටපත් කොරාන මගේ පොත ඇන්න ගියාම උක්කුවාට වඩා මට ලකුණු ලැබෙනවාය. මාත් එක වන්ගියක්වත් පන්තියේ මොනිටර් කම ගන්ට මනාපය. අනේ අයියේ අයියගේ ලිපිය ඉක්මනට එවන්ට කියා ඉතා කාරුණිකව යටහත් පත්ව ඉල්ලා සිටින්නේය .
කැලේ අප්පු දෙයියන්නේ ආරස්සාව වේවා
මිට උන්ගියා(මහ බැද්දගාන, මහියංගනේ).
මිට උන්ගියා(මහ බැද්දගාන, මහියංගනේ).
ප.ලි
අපේ ගිරම සේවක මහත්තයා හරි හොද ඇත්තාය. අයියාගේ ලිපිනය දෙනගමන් උන්දා ඉල්ලා හිටි එකම ඉල්ලීම මම ලියුමක් ලියන්නේනම් පහත ප්‍රස්න ටිකද අහන්ට කියාය. ඒවාට උත්තර බදින්ටත් හැක්කි නන් අයියාට මෙහෙ අපු වංගියක හොදවයින් පැණි මුලක් සැක නැත. ප්‍රස්න මෙවුවාය.
අපේ ගිරම සේවක මහත්තයා හරි හොද ඇත්තාය. අයියාගේ ලිපිනය දෙනගමන් උන්දා ඉල්ලා හිටි එකම ඉල්ලීම මම ලියුමක් ලියන්නේනම් පහත ප්‍රස්න ටිකද අහන්ට කියාය. ඒවාට උත්තර බදින්ටත් හැක්කි නන් අයියාට මෙහෙ අපු වංගියක හොදවයින් පැණි මුලක් සැක නැත. ප්‍රස්න මෙවුවාය.
1. මෛත්‍රී මහත්තයාට දුන්නු මනාප අයියාට දුන්නහේ කියාලා හිතාන පිස්සු නටන්ට අයියාට බලේ ලැබුනේ කොයි වන්ගියකද?
2. අනුන්ගේ මනාප හොරාට ඇන්න ගොන් කතා දොඩන්ට අයියාට විලි ලැජ්ජාහ නැතිද ?
3. ලංකාව පාවාදී.. ඉන්දියාවට පශ්චාත් භාගය පුජා කොරන්නේ කොන්දේ අවිලිමක් ඇතිනිසාද?
4. අයියාට අබුඩෙන් යන්ට දෙහි කැපු ඇත්තන් රෙද්ද අස්සේ දමාගන්නේ මේපාර අබුඩේත් නැතුව යන්ටද?
5. අයියා හිතන් ඉන්නේ ලංකාවේ ඉන්න ඔක්කොම මෝඩයෝ කියාද ?
2. අනුන්ගේ මනාප හොරාට ඇන්න ගොන් කතා දොඩන්ට අයියාට විලි ලැජ්ජාහ නැතිද ?
3. ලංකාව පාවාදී.. ඉන්දියාවට පශ්චාත් භාගය පුජා කොරන්නේ කොන්දේ අවිලිමක් ඇතිනිසාද?
4. අයියාට අබුඩෙන් යන්ට දෙහි කැපු ඇත්තන් රෙද්ද අස්සේ දමාගන්නේ මේපාර අබුඩේත් නැතුව යන්ටද?
5. අයියා හිතන් ඉන්නේ ලංකාවේ ඉන්න ඔක්කොම මෝඩයෝ කියාද ?
අපේ ගිරාමසේවක මහත්තයට මේවාට උත්තර දෙන්ට කියාද ඉල්ලන්නේය.
GPS
බස්රථය මින්නේරිය හමුදා නිවස්නය පසුකළා පමණි.. ඊලග නැවතුමෙන් ගොඩනැගුනු පිරිසට සිත්සේ අසුන් ගැනීමට තරම් ඉඩකඩක් බස්රතය තුල තිබීම කාගේත් සතුටට හේතුවූ බව පෙනුනත් ආදරවන්තයින් දෙදෙනෙකුට එය එසේ නොවුයේ රථයේ පෙම් මුල්ල තරබාරු සිරුරකින් වෙන් වු බැවිනි. ඔවුන් ඉතිරි ඉඩ ලබාගැනීමට අසාවෙන් එදෙස බැලුවද ආදරයක රසය විදි දාසක් එහි නොවූ ලෙසකි. අවසානයේ ඔවුන් ගේ ආසනය වුයේ මා සිටී 3 දෙනෙකු අසුන් ගත හැකි රිය අසුනේ ජනේලය අසල කෙළවරය. මා ඔවුන්ට බාදාවක් නොවන්නට ගත් උත්සාහය දන්නේ මාම පමණකි.
තරමක් හැදී දඩි තාරුණ්‍යයේ අවසන් කෙලවර සිටී පුද්ගලයා බලු බැල්මෙන්ම හමුදා නිලධාරියෙකු වු බව එත්තුගන්නට තරම් කරුණු කාරණා එහිවිය. ඊට තරමක් වයසෙන් බාල වුව පෙනුනද ඇයද තරමක වයස එකියකි. දෙදෙනා රහසින් කතා බහේ යෙදෙමින් කුළුපග පෙම්වතුන්ගේ මුකුලිත ජවනිකාව බස්රතයේ මවන්නට වුයේ අන් අයට බාදාවක් නොවන්නට බව මතක් කල යුතුමය. ඔවුනට උවද කිහිප විටක් "ටිකට් ගත්තද ?" අසමින් අසුනෙන් අසුනට ගිය කොන්දොස්තර තැනට වඩා බාදාවක් කරන්නට කිසිවෙක් නොවීය.
බසය හබරණ මංසන්දිය පසුකල පසු දෙදෙනා මදක් නොඉවසිලි මත් වු බවය මට හැගි ගියේ. දෙදෙනාම කතා බහ වෙනුවට මග සලකුණු පිරික්සන්නට වු අතරම සාක්කුවෙන් ඇදගත් කොලයක යමක් පිළිවෙල කරගන්නට වෙහෙසුන බවක් පෙනුනි. ඒ පිලිබඳ අවධානය වෙනස්කරන්නට මම බස්රථයේ රුපවාහිනියට හිස යොමන විටමය "මල්ලි මට සිගිරිය උඩ හන්දිය තියන තැන කියන්න පුලුවන්ද ?" යනුවෙන් ඔහු ඇසුයේ .. සැබවින්ම ඒ අසු තැනට පැය භාගයක පමණ ගමනක් ඉතිරිව තිබෙන බව මම ඔහුට දන්වුයෙන් ඔහු මදක් නිහඩවී "එතැනදී පොඩ්ඩක් කියනවද මට ?" යැයි කතාවට පසු වදනක් එක්කළේය. "මම ඊට කලින් බහිනව අයිය" .. මගේ පිළිතුරින් ඔහු මදක් වෙලේවි වුවද සාක්කුවෙන් රැගත් කොලය ම ඇත තැබිය..
මෙන්න මෙතන අදුනගන්න විදියක් කියන්න මල්ලි අපිට බහින්න කොන්දොස්තරට කියන්න විදිහක් දන්නේ නැනේ. කොලයෙහි වුයේ යම් තැනක් දක්වන සිතියමකි එය හබරණ දබුල්ල මාර්ගයේ අතින් ආදී සිතියමක් බවත් එහි නිරවද්‍ය තාවය පැසසිය යුතු බවත් ම මගේ ජංගම දුරකථනය ආදාරයෙන් දැනගතිමි.
විස්තර කතාවෙන් කුළුපග වු ම "අයියල සිගිරි යන්නද ?" යනුවෙන් ඇසුයේ සිගිරිය හන්දිය අසලින් බසින්නේකුගෙන් ඇසිය යුතු මොඩම ප්‍රශ්නය බව නොදැනම නොවේ ?. නමුත් ම ලද පිළිතුර මෙසේ විය.
"ඔවු මල්ලි අද අපි දෙන්නට පැය 12ක නිවාඩුවක් හම්බුනා. අම්මල එනවා කිවු බබාලව අරන් මේ හන්දියට. මම අවුරුද්දක් දැන් මෙහෙ තාම දන්නේ නැහැනේ සිගිරි හන්දිය."
කුසගින්න ...

වෙලාව සවස 6 වන්නට ඇත... කළුබෝවිල අහසේ ඇදුනු කළු වලාකුළු අතර ඇදුනු සිහින් විදුලියක් සමග නැගෙන ගෙරවිලි හඩ රථවාහන වලින් නැගෙන ආගිරි ගෑමෙන් යටපත් උවත් වැටෙන වැහිබිඳු වළකාලන්නට කිසිම ජගතෙකුට බැරියැ නියායෙන් මග යන්නන්ගේ ගත තෙමුයේ. කිහිප දෙනෙකුම සෙවන සොයා දුවයනු දක්නට ලැබිණි... කිලිටි ගවොමක් හැදගත් වයස 7ක් වන්නට ඇති දැරියක් වයස ඊට අඩකට ලංවූ තම කුඩා සොයුරා වැහිපොදෙන් බේරීමට දැරූ ව්‍යායාමය නෙතගටුණු අතලොස්සෙ මාද නරබන්නේකු වීමි.. බස් නැවතුමේ කෙළවරකට ගුලි වී බිමට හොවාගත් දනින් සිටී ඈ දඩි බිඩියේ දුවන මිනිසුන්ගේ පා පහරෙන් මිදීමට දැරූ ප්‍රයත්නය සාර්ථක වු අවස්ථාවට වඩා තිබුනේ අසාර්ථක වු අවස්ථා බව කිවමනාය.. යම් නොදුටු හේතුවකින් ඇරබුනු තම සහෝදරයාගේ හැඩුම ඇයගේ බර දෙගුණයකින් වැඩිකළ මිස ඊට අඩුවුයේ නම් නැත... ඇගෙ කිලිටි ගවොමේ දකුණු පස එල්ල වැටුණු පොදිය බෑගයක් බව , එයට ඇත දමා යමක් පිටතට ගනිද්දීය මා දුටුවේ.. එම පොදියේ තිබුණු යමක් සහෝදරයාගේ කටට එබූ ඈ, ඔහුගේ හැඩුම නවතින බව දුටුවිට පොදියේ තිබු යම් දෙයක් ඇගෙ මුව තුලටද හොවා ගෙන ඔතා තිබු ඉටි කොලය පාරට විසිකලේ මගේ පා අසලින්ම වැටෙන සේය... නෙතට දැනුනු අයුරුවක් හිතේ ඇදුනු නියාවෙන් ය මා ඒ කොලය දෙස වුවමනාවෙන් බැලුයේ.. " අනේ මහත්තයෝ දරු දෙන්න බඩගින්නේ කන්ට දෙයක් අරන්දෙන්ට.." .. උදැසන නිවසින් පැමිණි බස්රථය අසල මා ලග හඩා වැටුණු මව මට මතකය... "Discover Textiles, පළමු පටුමග , හිඟුරක්ගොඩ" යනුවෙන් ලියතිබුනු ඉටිකොලයේ අපේ අම්මා ලියු "දවල් කෑම එක" වචන තවමත් එහි නොමැකී පැවතින...
සිනහව.......................
අනාගතයට පෙම්කරන
වත්මනට සළු වඩන
කදුලින් බිහි වදින
කදුලින්ම නිමැවෙන
සිතින් ගතින් නැගෙන
හදවතේ රාවය
වත්මනට සළු වඩන
කදුලින් බිහි වදින
කදුලින්ම නිමැවෙන
සිතින් ගතින් නැගෙන
හදවතේ රාවය
හවස් ජාමෙ.....
කිරි සුදු පලගානක් වයේ මන්දු වෙච්චි හඳ දෙයියෝ තුලානේ හක්කොලන් කෝරාල ඉරගලට කෙටි තියාන හිමේ මැදින් මන්ගච්චන්නේ දැන් තොපිත් පැල් පේ උනානං හොඳා කියාන වහේ ..... එතැන හිට හින්නි ඒකාල හේනේ පනන් කොරවාල හීල් බතට පැලට රිංගන්නේ සුදහ ගින්දර වයේම ඔලු ගෙඩියේ හිට පාදානතේ පුරා දුවන කුදහ ගින්නකුත් ඇන්න.. දොලේ පැනා නාගෙන පැලට පනන් වෙනකොට දැයෙන අඩුක්කුවේ පුසුඹ අපේ ඇත්තනේ අත්ගුනේ ඇස්වහක් කටවහක් හෙම නොවෙන්ට කියපාන්නහේ.. රෑට බොටා බරිය එකුන් වලි කොරල දැයෙන කාන්සිය මාන්සිය නිවෙන්නේ අපේ මැණිකේගේ මුව පොදිත්තේ හිනා ඩිංග මැදි කෝරාල බෙදා ගේන අඩුම කුඩුම පුරා හැලුණු බත් මඩක්කුවටත් බුලත් වට්ටියටත් පින්සිද්ද වෙන්ට...
Subscribe to:
Posts (Atom)


