සොර බොර වැව පිළිබඳ කියවෙන බුලතා යෝධයාගේ කතා පුවත බොහෝ දෙනා දනිත්.. ගැමි වහරේ කටින් කට ආ ඒ පවත නො දන්නේ නම් ඒ මෙසේය..
මෙකල මහියංගණ දාගැබ අඩි 120ක උසින් යුතුව නිමවනු වස් දුටුගැමුණු රජු මහියංගණය අසබඩ රැඳී සිටි සමයයි.එළාර සමග යුද්ධය රට තුලට නෙරමින් පවතින වකවානුවක යෝධයින් සොයා ගම් නියම් ගම් පිරූ කලෙකි ඒ.
බුලතා යනු දුෂ්ඨ ගාමිණි ලෙස ප්‍රකටව දුටු ගැමුණු ලෙසින් කිරුළු පලන් කාවන්තිස් රජුගේ දෙටු පුත් හට බුලත් සැපයු ගැමියෙකි. දෙවේලක් අතර මැද ලැබෙන විවේකය අපතේ යනු දරාගත නොහැකි වූ හෙතෙමේ තමා එන මග පසු කොට ආ දියවන්නා ඔය දෙකොන යාකරන්නේ වැවක් තැනීමටත් වඩා විවේකය පලදායි ලෙස යොදා ගත යුතු ලෙස හැඟුණු නියාවෙනි. ගල් පවුරක් බිඳ එදා මෙදා තුර ලංකාවේ නිම වූ එකම ගල් සොරොවුව නිමවා වැවක් ලෙස එය නිමවිය. තනි ශ්‍රමයෙන් ඉදිවූ ලංකාවේ එකම වැව ලෙසද ඒ ඉතිහාසා ගතවේ.
කටින් කට පැතිර ගිය පුවත කන වැකුණු දුටුගැමුණු රජු පවත් විමසා බුලතා හා සොරබොර වැවු ඉස්මත්තට පැමිණ දකින දර්ශනයෙන් මහත් පුදුමව, ඔහු විමසා මේසා විසල් වැවක් කරවීමට උදවු වුවෝ කවරහුදැයි අසත්, විශාල සිංහල උදලු තලයකුත් එහා සමව යන සවිමත් කුඩයකුත් පමණකි හේ කියති.
ඉන් මහත් සතුටට පත්වන රජු බුලතා යෝධයෙකු ලෙස හඳුන්වා බුහුමන් කොට තම සේනාවට බඳවාගත් බව කියවේ.
අනු කතාවක් ලෙස බුලතාගේ ඇබේනිය ද යෝධ කාන්තාවක ලෙස ප්‍රවාදයන්හි දැක්වේ. අද රන්දෙණිගල මාවත ලෙස හඳුන්වන නුවර මහියංගණ මාර්ගය තැනෙන්නේ ඈ අතිනි.
කතාව එසේ වහරේ දැක්වෙද්දී.. ග්‍රන්ථාරුඩ විකාශයේ එය දැක්වෙන්නේ වෙනත්ම අයුරකිනි. එක්දහස් අටසිය ගණන්වල ලංකාවේ විසු ආර්. එල් ස්පිටල් නමැති ලේකකයාගේ පොත්වල දැක්වෙන අයුරින් පහත පරිදි වේ.
බුලතා වැව නිමවූ විට ඉරිසියාවට පැමිණෙන දුෂ්ට ගාමිණි රජු, මහියංගණ දාගැබ නිමවීමේ ගෞරවය ඔහු පවරාගෙන වැව තැනීමේ නම්බුව තමාට දෙන ලෙස ඉල්ලාසිටි. එයට අකමැති වන බුලතාගේ හිස ගසා මරාදමන රජු හිස වැවට විසි කර දමයි.
ශ්‍රී ලංකාවේ සමුර්ධිමත්ම ඉතිහාසය හිමි කලෙක එහි විශාල ප්‍රතිශතයකට නොබිනිය හැකි හිමිකම් කියන දුටු ගැමුණු වැනි රජෙකු එය එසේ කලේ යයි සිතිය හැක්කක් වෙයි සිතීම වටි. නමුත් බටහිර රටවල ඉතිහාසයට එබිකම් කරන ඕනෑම අයෙකුට තමාගේ නම වඩා ගැනීමට අනෙකෙකු පෙලූ රජුන් හා ප්‍රභූන් ගැන මේ හා සම කතා ඇති තරම් සොයා ගත හැක. ලංකාවේ ඉතිහාසය රචිත මෙවන් කෘති ඒ මානයෙන් ලංකාවේ රජුන්ද මන බැලු බවට මෙය කදිම නිදසුනකි.
ඉතින් විකාශය ඉතිහාසයට කෙතෙක් බලපාන්නට ඇත්දැයි සිතාගත හැකිද ?
Sunday, November 27, 2016
Tuesday, November 15, 2016
කඩුපුල් ගස..
පෙරුම් පුරා වසක් පුරා
බිඳෙන් බින්දේ සුවඳ කවා
පිබිදු මල හිරුට හොරා
ධවල හසින් පෙති සරසා
ආඩම්බර විඳගන්නට
මොහොතක් වත් නොදී කඩා
බුදුන් පුදට රැගෙන ගියා
ගස වැළපෙයි මතින් නුරා.
බිඳෙන් බින්දේ සුවඳ කවා
පිබිදු මල හිරුට හොරා
ධවල හසින් පෙති සරසා
ආඩම්බර විඳගන්නට
මොහොතක් වත් නොදී කඩා
බුදුන් පුදට රැගෙන ගියා
ගස වැළපෙයි මතින් නුරා.
Thursday, November 3, 2016
හිඟන්නා
සවසක නැගුනු ගත දහදිය වකාගෙන
නවාතැනට ඇදෙනා මග මා යනෙන
කොලයක් එලා බිම හිඳගෙන මා යදින
හිගනෙක් අසල නැවතුණි දානයේ අටින.
දෑසම නොපෙනෙනා ගැහැණිය රැක ගන්නේ
පින්වත් මහතුනේ යම් මුදලක් දෙන්නේ
පෙන්නා අසල උන් ගැහැණිය බඩගින්නේ
ඔහුමා දෙපා අබියස හිඳ වැලපෙන්නේ
මුදල රැගෙන මා දුන් එය සිප සොඳින
මහතුනි නිවෙයි දුක් ගිනි යයි ඔහු පතන
නෙත් අඳ ඇගේ අත ඒ කාසිය තබන
ඔහු දුටු මගේ නෙතගට කඳුලක් නැගිණ.
ඇති වුන කුහුල තද වැඩි සිත දරන්නට
සිතුනා තවත් මේ අය දෙස බලන්නට
නැවතී මදක් අසලක නොම පෙනෙන්නට
පසු පස ගියා යන එන මන් සොයන්නට
සුදු පැහැ කෝටුවට බර නැත එය වැනින
සැමියා අතින් ඇගේ කනවැල සරි කෙරින
දෙපලම එක්ව බත් කඩයට ගොඩ වැදුන
එලවලු කෑම දෙපතක මිල එහි රැදුන
දකුණට හැරී මහ පාරෙන් සැම යනෙන
මද දුරකිනිය නිවහන මොවුන්ගේ රැඳුන
ඉටිකොළ වලින් සවිකොට වහලය නැගුන
සෙල්ලම් ගෙයකි ඒ දුටු මා සිත ඇඳුන
හිඳුවා බිරිඳ එහි ඇති ගල් කුලක් මත
සැමියා තනයි තෙල් පහනක් මිදුල මත
දල්වා පහන දුරු කර හැර අදුර වත
ඈ හා දොඩයි දවසේ ඔහු දිවි පෙවත
මුකුලිත සිනා කැන් දෙපලගේ මුව රැඳුන
සිත් ඔවුනගේ පොහොසත් බව මුර ගාන
ඒ දෙස බලා සොම්නස ගෙන හිත පිරුන
ආපසු හැරී මම මා නිවසට ඇදුන.
කුලී නිවහනේ දොර ගුළු ඇර ලාන
සුව පැහැ පිරුණු තනි සයනයේ ඇනබාන
තනිකම දැනෙද්දී සිත තුල නලියාන
මා නේ සිගන්නා නොවේදෝ මට සිතුන.
Subscribe to:
Posts (Atom)