Thursday, February 14, 2019

රස සරසවිය

සදා නොවෙනස් අහස යට
කුඩා වූ සරසවි මියුරු දුපතේ
නැංගුරම් ලෑ සොඳුරු නෞකාව
දියත් කරනට අවසරයි යලි නොඑන්නට 
ඒ සොඳුරු ජැටියට

ඈත පෙනෙන ක්ෂිතිජයෙන් එහා
කළු සුදු නොපෙනෙන
මාවතේ දුර නොදන්නා
ඈත දියඹට
යලි නැවතුමක් ලැබෙන තුරු

ඔබෙන් ලද පන්නරය
කඩ තොළුව යනතුරු
ඔබ පිරූ දිය සල්
පතුල් අත් වදින තුරු
ඔබෙන් ගත් මතකයන්
අවසන් සුසුම් හා
වාතලය තෙමන තුරු

No comments:

Post a Comment