Tuesday, August 2, 2016

මතකය

හතට උදෑසන ඉමිහිරි සුව අවුවේ
කටට දෙකට පාන් පෙත්ත ගිල අමුවේ
දුන් රොටු අපුල කළුබෝවිල පා මළුවේ
වැඩට යන්ට මා පා ඉක්මන් කෙරුවේ

සෝදෝ සුදට සුදු ඇඳුමක් වත හැඳින
පාසල් යන්ට හනිකට පාරට දුවන
කොලු පැටියෙක් පා පැකිලී ඇඟ වැදුන
මතකය ගෙන ගියා මා ආපසු රැගෙන



අම්මා කවන බත් දෙකටට දෙස් දෙමින
ඇඳගෙන පියා මැද දුන් කලිසම සොඳින
පොත් පිරි මල්ල දෙවුරේ රඳවා බැතින
පාසල් ගියා මොහොතින් මතකේ ඇඳින

නැගී බස්රියට හනි හනිකේ රින්ගාන
ඩ්‍රයිවර් තැනගේ ලග බටයේ ඇන බාන
අදුනන කුරුට්ටන් වට කොට කොලු රෑන
කියූ කෙරු දේට තාමත් සිනහව නැගෙන




පාඩම් අකුරු කරවා උදයේ වරුව
දහවල විවේකය කවුරුත් කෙලි කෙරුව
සෙල්ලම් පිටිය සිවු කොන දුහු විලි නැගුව
පෙර දා මතක් වී සුසුමකි බිම හෙළුව

සුදු ඇඳුමේ සුද කහ වී උඩට ඇදී
ආපසු යන්ට බසයට යලි නැගිවිටදී
දුටු ඒ මුවේ පිරි සිනහව සිත රැවුදී
තාමත් හදේ කෙලවර කිතියක් උපදී 
(සඳරු)