Saturday, June 6, 2015

දුගියා , සහන මල්ල සහ ලංකාව ...

දුගියා , සහන මල්ල සහ ලංකාව ...

"සමුර්ධි ලාභීන්ට සහන මල්ලක් ", "ගැබිණි මවුවරුන්ට පෝෂණ මල්ලක්", "උගස් කල රන්භාණ්ඩ සඳහා සහන", "පොහොර සහනදාරය" , "උපදී ධාරීන්ට රැකියා"

මේ මේදිනවල දේශපාලන මාරකට්ටුවේ භාවිත වන , ඔබත් මමත් පටන් කුඩා කිරිසප්පයා දක්වා මනුෂ්‍ය ප්‍රානයන් අපටම විකිනිඉමට යොදාගන්නා තුන් කලටම වලංගු සිංහලෙන් කියතොත් මාර්කටින් වැකිය..

දුප්පත් කම, නැතිබැරි කම සිංහල රටේ ඇත්තන්ට නුහුරු නුපුරුදු නැතුවාසේම නිකන් ලැබෙන උණ හෙම්බිරිස්සාව උවද තදින් බදාගැනීම සිංහල රටේ වැසියන්ගේ ඇගෙන්ම එන්නකි. "බඩ විකිණීමේ නියාය" එලි දකින්නේ මේ කරනා දෙකම පදනම් කරගෙන යයි මම සිතමි. සුද්දා අපේ රට අරාජික කිරීමට යොදාගත් නියාය වුයේද මෙයමය. නිකන් ලැබෙන අරක්කු බෝතලයට, රෙදි කච්චියට , දුන්කුදු හෙප්පුවට රට පාවාදුන් කාලයක් ලංකාවේ විය.

1948 වසරේ,භාගික නිදහසින් පසු ශ්‍රි ලංකාවේ ලංකාවේ ප්‍රථම අගමැති බවට පත්වන්නේ ඩි.එස් සේනානායක මැතිතුමාය ඒ නිතරගයෙන්ම වැනිය. සටන පටන්ගන්නේ එතනින් පසුවය. පක්ෂ පාට වලට රට බෙදී යද්දී, චන්ද පොරය උණුසුම් වන්නට වන්නට හොද හොද ගුණ්ඩු කරලියට එන්නේ රට සේවයක් කිරිඉමට වඩා තම පවුලේ බලතල වැඩි කර ගැනීමට වග පැහැදිලි දෑසින් අතීතය බලන හය හතර දත් ඕනෑම අයෙකුට පැහැදිලිවනු ඇත.

මේ දේශපාලන සංකීර්ණ තාවය මත මේ "බඩ විකිණීමේ නියාය" හොද තුරුම්පුවක් බව බල ලොබින් සියලු දෙනා අවබෝධ කරගත්තෝය. අපට වරදින්නේ එතැන් පටන්ය.

අඹුඩ ලේන්සුවෙන් පටන්ගෙන ඉඩම ගේය දක්වා වටිනා කමේ හැටියට ලබාදෙන්නට පටන්ගත් දේශපාලන වෙළෙන්දෝ බිහිවන්නේ මේ නියාය ක්‍රියාවේ යොදවන්නන් ලෙසය. ඔවුන්ගෙන් නිකන් ලබාගන්නා දෙය පොර කමින් ලබාගත්  අප චන්දයකින් ඔවුන්ට සලකන්නට මැලි නොවුයේ කෘතගුණ සලකන්නටය. ඒ ලබාදෙන චන්දයෙන් පාර්ලිමේන්තු ගිය ඇත්තෝ දියවන්නා හෝටලයේ කුණුහරුප කියමින් අතල් ගෙන චන්දය දුන් එවුන්ට පෙනෙන්නට මාලිගා සාදාගෙන ජිවත් වුහ. නැවත ඔවුන් පාරට බැස්සේ ඊලග චන්දෙට නිකන් බඩු දෙන්නටය..

මෙය හොද වෙළඳාමක් බව කිව යුතුමය. ආයෝජනය කලයුත්තේ එක්වරක් පමණි. මුදල් දී බඩු ටිකක් බෙදා දී පාර්ලිමේන්තු ගියවිට ඒ මුදල මෙන් තුන් හතර ගුණයක් උපයාගත හැකි මාර්ග පෑදේ. ඒ මුදල් ලබාදෙන්නේ චන්දය දෙන ජනතාවමය. නිකන් ලබාදෙන අඹුඩ ලේන්සුවට රෙදි කච්චියක ගණන ඔවුන්ට ලැබෙන බව දන්නේ ඔවුන්ම පමණකි. ඉගාව චන්දෙදි බඩු දෙන්නේ ජනයාගෙන් ලබාගත් මුදලෙන්මය. තනි ලාබය.

1980 පමණ වනවිට ලංකාවේ අද්‍යාපනය විදිමත් වන්නේ විශ්ව විද්‍යාල වලට පින්සිදුවන්නට බව කිව මනාය. සමාජ අරගල කිහිපයකින් පසු 1990 වනවිට ලංකාවේ දේශපාලනය මදක් විදිමත් වනවිට "බඩ විකිණීමේ නියාය " පමණක් නොසහෙන බව ඒත්තු ගියේය. "පච මල්ල නියාය" අදාගැනීමට දේශපාලක වෙළෙන්දන් කටයුතු කලේ මේ නිසාවෙනි.

නිකන් යමක් දී චන්දය ලබාගත හැකි තරමේ අද්යාපන මට්ටමේ සිටියන්ට "බඩ විකිණීමේ නියාය" ක්‍රියාත්මක කල අතර වඩාත් බුද්ධිමත් ජනතාවට "පච මල්ල නියාය" වටිනා තුරුම්පුවක් විය. අනාගත ව්‍යවස්ථා සංශෝධන, ආර්ථික වැඩසටහන්, අද්යාපන නැබුරුතා වැනි හර බර පච ඔවුන්ට රවුම් කොට ලබාදීම සහ චන්දෙන් පසු ඒවා අමතක කරවීම මේ නියායේ වැදගත් අංගයන්ය. මේ අතර මේ නියාය දෙකම ක්‍රියාත්මක කලයුතු පිරිසක්ද විය. බොහෝවිට ඔවුන් සෑහුණේ රැකියාවකිනි.

ලංකාව සහනාධාර වල වහල් භාවයට පත්වන්නේ මේ නිසාවෙනි. දැන් ලංකාවට සහනාධාර නැතුව බැරිය. සහනාදාර එනතුරු මග බලා සිටින සංස්කෘතියක් ගොඩනැගී හමාරය. රට හැදීමට උගත් බුද්ධිමත් ව්‍යවස්ථාවක් යෝජනා කොටගෙන පාර්ලිමේන්තු මැතිවරණයකට සැරසෙන කිසිම නායකයෙකුට එය අතිරේක සුදුසු කමක් පමණි .. වඩා වැදගත්වන්නේ ඔහු නිකන් දෙන ප්‍රමාණය සහ ඒවා ලබාදෙන වපසරියයි.. කිසිවෙක් සහනාදාර නැතිව ජිවත් වන අයුරින් දිගුකාලින සැලැස්මකට අනුව වැඩ කළහොත් ඊලග වතාවේ ඔහුට වන්නේ ගෙදර නවතින්නටය. ලංකාව නිකන් කෑමට ඇබ්බැහි වී ඇති බවට මේවා බලැති නිදසුන් වේ..

චන්දයක් ඇත පෙන මානයේය. මෙවරත් සහනාධාර කරලියට බස ඇත. සහනාදාර අවශ්‍ය ඇයි ? සහනාධාර අවශ්‍ය නොවන තැනට වැඩ කරන්නේ කෙසේද ? රැකියා ලබන උපාධි ධාරීන් ඇතිකරන්නේ කෙසේද? මේ කිසිවක් මෙවරත් කරලියේ නැත ...