Sunday, April 5, 2015

උන්ගියාගේ රචනාව ......

ආදරණිය පී රනිල් අයියේ !
ඉතින් අයියේ සැප සනීප කොහොමෙයි ? කියල මම අහන්න යන්නේ නැහැය . මොකද අපෙ ඇත්තොන්ට මොකවෙතත් අයියලා සනීපෙන් කියල මම හොදින්ම දන්නා නිසාය.
අයියේ අපේ ඉස්කෝලේ හාමිනේට ඔනන්නැති දෙයක් නැතිය . උන්දා අකලට වැලි බෝවිටි පලදෙන්නහේ අපට පෙරලන්නේ පනිට්ටුය. සිංහල පාඩම කියා දෙන්ට උන්දා එනවාට අපි ඩිංගක් වත් මනාප නැත්තේ උන්දෑ දෙන රචනා ලියන්ට අපට වෙලාව නැතුවාටත් වඩා ඒ දෙන මාතෘකා අපට අපබ්‍රංස වෙච්චි නිසාවෙන්ය.
මේ ලගදි උන්ද දුන්න මාතෘකාව අයියා දන්නවානම් අයියා උන්ද ඉස්ඨාන මරු එවුවා කරනවාට අබිලිත්තක් හැක නැතිය. "හරකෙක් කතාකොරයි" උන්දැගේ මාත්තුරුකාව හේනන් ඕන්න. අපේ ගමේ කතකොරන හරක් නැතිය ඒවග මට සහසුද්දෙන්ම විස්වාස වහෙම අපේ ආත්තාද ඒ වගට කැට තියන්නේය. අපේ ගිරාමසේවක රාලහාමිගෙන් මේ වග හගිස්සන්ට බස් දුන්නේද අපේ ආත්තාය.
දැනට සිරිලංකා දීපයටම ඉන්න හරකාගේ ලිපිනය බොට දෙන්නන් හිටන්. කියා ගෙට උණ ගිරාමසේවක මහත්තය අයියාගේ පින්තුරය ඇන්න අවාමය මට ඉහේ මලක් පිපුනේ.
"ඔය නංගිලට මාලයක් දෙනවා , ඔය මල්ලිලට බෙස්ලට් එකක් දෙනවා " කියා අයියා කියනවා මට තම මතකය. අපේ ගමේ සියලාට චුඉන්ගන් දෙන්ට තනාපු හැටි මතක්කොට අපේ කිරි අත්තා වලකජ්ජ පනන් වෙනකන් හොක හොක ගා හිනා උනා මට මැවිලා පෙනෙන්නේය. අනේ උන්දා මලේ හිනවෙලාමය. උන්දගේ පනකෙන්ද ගියදා පන්සකුලේ දුන්න පොඩි හාමුදුරුවෝ දෙසනාවේ කිඋවේ උන්ද හිනා උනේ පින් මතක් වෙලා කියාය. එත් ඒ අයියගේ කතාව නිච්චි වෙලා වග මයේනන් අදහස වෙච්චි. මම ඔවුව කියන්ට ගෙහුං අපේ ආත්තාගෙන් පොරෝ පාර නොකා බේරුනේ පුරුවේ පිනකටය.
කොන්ඩේ සුදු අයියා කෙනෙක් අපේ ගමේ ඈයෝ දුටුවේ එදාමය. අයියාට මහචන්දෙන් පස්සේ ඇප නැතුව රිබෙන් ගිය වගක් අපේ මහප්පා ගිරිය පුප්පා මහා හඩින් කිවේ ඊට ටික දොහකට පස්සේය. යන්තම් රට බේරුනා කියා උන්ද කිවේ මක්කටෙයි මම තාම නිච්චි කොරනාවය.
මෙ වල් පල් අහන්ට අයියාට වෙලාව හිග යයි හිතනවාය. එනිසා කෙලින්ම කාරණය කියන්නේය .අයියාට ලගදි මහා අමාත්‍ය පට්ටමක් ලැබුණු විත්තිය අපේ අම්ම එක්ක පින් ලිදට ගිය වංගියක සිරිපිනා නන්දා කිවා මට මතකය. උනදාට ඕනන්නැති එකක් නැතිය. උන්දා කියන්නේ අයියාට වඩා අපේ ගමේ ගෑණු පිරිමි අයියා හොද වගකී. ඒ උන්ද දන්නා තරමය..
ආදරණිය අයියේ කාරණය මේකය. අපේ ඉස්කෝලේ හාමිනේගෙන් බේරෙන්ට අයියගේ කතාවක් මට එවන්ට කියා කාරුණිකව ඉල්ලන්ටය මේ ලියුම ලියන්නේ. එක පිටපත් කොරාන මගේ පොත ඇන්න ගියාම උක්කුවාට වඩා මට ලකුණු ලැබෙනවාය. මාත් එක වන්ගියක්වත් පන්තියේ මොනිටර් කම ගන්ට මනාපය. අනේ අයියේ අයියගේ ලිපිය ඉක්මනට එවන්ට කියා ඉතා කාරුණිකව යටහත් පත්ව ඉල්ලා සිටින්නේය .
කැලේ අප්පු දෙයියන්නේ ආරස්සාව වේවා
මිට උන්ගියා(මහ බැද්දගාන, මහියංගනේ).
ප.ලි
අපේ ගිරම සේවක මහත්තයා හරි හොද ඇත්තාය. අයියාගේ ලිපිනය දෙනගමන් උන්දා ඉල්ලා හිටි එකම ඉල්ලීම මම ලියුමක් ලියන්නේනම් පහත ප්‍රස්න ටිකද අහන්ට කියාය. ඒවාට උත්තර බදින්ටත් හැක්කි නන් අයියාට මෙහෙ අපු වංගියක හොදවයින් පැණි මුලක් සැක නැත. ප්‍රස්න මෙවුවාය.
1. මෛත්‍රී මහත්තයාට දුන්නු මනාප  අයියාට දුන්නහේ කියාලා හිතාන පිස්සු නටන්ට අයියාට බලේ ලැබුනේ කොයි වන්ගියකද?
2. අනුන්ගේ මනාප හොරාට ඇන්න ගොන් කතා දොඩන්ට අයියාට විලි ලැජ්ජාහ නැතිද ?
3. ලංකාව පාවාදී.. ඉන්දියාවට පශ්චාත් භාගය පුජා කොරන්නේ කොන්දේ අවිලිමක් ඇතිනිසාද?
4. අයියාට අබුඩෙන් යන්ට දෙහි කැපු ඇත්තන් රෙද්ද අස්සේ දමාගන්නේ මේපාර අබුඩේත් නැතුව යන්ටද?
5. අයියා හිතන් ඉන්නේ ලංකාවේ ඉන්න ඔක්කොම මෝඩයෝ කියාද ?
අපේ ගිරාමසේවක මහත්තයට මේවාට උත්තර දෙන්ට කියාද ඉල්ලන්නේය.

GPS

බස්රථය මින්නේරිය හමුදා නිවස්නය පසුකළා පමණි.. ඊලග නැවතුමෙන් ගොඩනැගුනු පිරිසට සිත්සේ අසුන් ගැනීමට තරම් ඉඩකඩක් බස්රතය තුල තිබීම කාගේත් සතුටට හේතුවූ බව පෙනුනත් ආදරවන්තයින් දෙදෙනෙකුට එය එසේ නොවුයේ රථයේ පෙම් මුල්ල තරබාරු සිරුරකින් වෙන් වු බැවිනි. ඔවුන් ඉතිරි ඉඩ ලබාගැනීමට අසාවෙන් එදෙස බැලුවද ආදරයක රසය විදි දාසක් එහි නොවූ ලෙසකි. අවසානයේ ඔවුන් ගේ ආසනය වුයේ මා සිටී 3 දෙනෙකු අසුන් ගත හැකි රිය අසුනේ ජනේලය අසල කෙළවරය. මා ඔවුන්ට බාදාවක් නොවන්නට ගත් උත්සාහය දන්නේ මාම පමණකි.
තරමක් හැදී දඩි තාරුණ්‍යයේ අවසන් කෙලවර සිටී පුද්ගලයා බලු බැල්මෙන්ම හමුදා නිලධාරියෙකු වු බව එත්තුගන්නට තරම් කරුණු කාරණා එහිවිය. ඊට තරමක් වයසෙන් බාල වුව පෙනුනද ඇයද තරමක වයස එකියකි. දෙදෙනා රහසින් කතා බහේ යෙදෙමින් කුළුපග පෙම්වතුන්ගේ මුකුලිත ජවනිකාව බස්රතයේ මවන්නට වුයේ අන් අයට බාදාවක් නොවන්නට බව මතක් කල යුතුමය. ඔවුනට උවද කිහිප විටක් "ටිකට් ගත්තද ?" අසමින් අසුනෙන් අසුනට ගිය කොන්දොස්තර තැනට වඩා බාදාවක් කරන්නට කිසිවෙක් නොවීය.
බසය හබරණ මංසන්දිය පසුකල පසු දෙදෙනා මදක් නොඉවසිලි මත් වු බවය මට හැගි ගියේ. දෙදෙනාම කතා බහ වෙනුවට මග සලකුණු පිරික්සන්නට වු අතරම සාක්කුවෙන් ඇදගත් කොලයක යමක් පිළිවෙල කරගන්නට වෙහෙසුන බවක් පෙනුනි. ඒ පිලිබඳ අවධානය වෙනස්කරන්නට මම බස්රථයේ රුපවාහිනියට හිස යොමන විටමය "මල්ලි මට සිගිරිය උඩ හන්දිය තියන තැන කියන්න පුලුවන්ද ?" යනුවෙන් ඔහු ඇසුයේ .. සැබවින්ම ඒ අසු තැනට පැය භාගයක පමණ ගමනක් ඉතිරිව තිබෙන බව මම ඔහුට දන්වුයෙන් ඔහු මදක් නිහඩවී "එතැනදී පොඩ්ඩක් කියනවද මට ?" යැයි කතාවට පසු වදනක් එක්කළේය. "මම ඊට කලින් බහිනව අයිය" .. මගේ පිළිතුරින් ඔහු මදක් වෙලේවි වුවද සාක්කුවෙන් රැගත් කොලය ම ඇත තැබිය..
මෙන්න මෙතන අදුනගන්න විදියක් කියන්න මල්ලි අපිට බහින්න කොන්දොස්තරට කියන්න විදිහක් දන්නේ නැනේ. කොලයෙහි වුයේ යම් තැනක් දක්වන සිතියමකි එය හබරණ දබුල්ල මාර්ගයේ අතින් ආදී සිතියමක් බවත් එහි නිරවද්‍ය තාවය පැසසිය යුතු බවත් ම මගේ ජංගම දුරකථනය ආදාරයෙන් දැනගතිමි.
විස්තර කතාවෙන් කුළුපග වු ම "අයියල සිගිරි යන්නද ?" යනුවෙන් ඇසුයේ සිගිරිය හන්දිය අසලින් බසින්නේකුගෙන් ඇසිය යුතු මොඩම ප්‍රශ්නය බව නොදැනම නොවේ ?. නමුත් ම ලද පිළිතුර මෙසේ විය.
"ඔවු මල්ලි අද අපි දෙන්නට පැය 12ක නිවාඩුවක් හම්බුනා. අම්මල එනවා කිවු බබාලව අරන් මේ හන්දියට. මම අවුරුද්දක් දැන් මෙහෙ තාම දන්නේ නැහැනේ සිගිරි හන්දිය."

කුසගින්න ...


වෙලාව සවස 6 වන්නට ඇත... කළුබෝවිල අහසේ ඇදුනු කළු වලාකුළු අතර ඇදුනු සිහින් විදුලියක් සමග නැගෙන ගෙරවිලි හඩ රථවාහන වලින් නැගෙන ආගිරි ගෑමෙන් යටපත් උවත් වැටෙන වැහිබිඳු වළකාලන්නට කිසිම ජගතෙකුට බැරියැ නියායෙන් මග යන්නන්ගේ ගත තෙමුයේ. කිහිප දෙනෙකුම සෙවන සොයා දුවයනු දක්නට ලැබිණි... කිලිටි ගවොමක් හැදගත් වයස 7ක් වන්නට ඇති දැරියක් වයස ඊට අඩකට ලංවූ තම කුඩා සොයුරා වැහිපොදෙන් බේරීමට දැරූ ව්‍යායාමය නෙතගටුණු අතලොස්සෙ මාද නරබන්නේකු වීමි.. බස් නැවතුමේ කෙළවරකට ගුලි වී බිමට හොවාගත් දනින් සිටී ඈ දඩි බිඩියේ දුවන මිනිසුන්ගේ පා පහරෙන් මිදීමට දැරූ ප්‍රයත්නය සාර්ථක වු අවස්ථාවට වඩා තිබුනේ අසාර්ථක වු අවස්ථා බව කිවමනාය.. යම් නොදුටු හේතුවකින් ඇරබුනු තම සහෝදරයාගේ හැඩුම ඇයගේ බර දෙගුණයකින් වැඩිකළ මිස ඊට අඩුවුයේ නම් නැත... ඇගෙ කිලිටි ගවොමේ දකුණු පස එල්ල වැටුණු පොදිය බෑගයක් බව , එයට ඇත දමා යමක් පිටතට ගනිද්දීය මා දුටුවේ.. එම පොදියේ තිබුණු යමක් සහෝදරයාගේ කටට එබූ ඈ, ඔහුගේ හැඩුම නවතින බව දුටුවිට පොදියේ තිබු යම් දෙයක් ඇගෙ මුව තුලටද හොවා ගෙන ඔතා තිබු ඉටි කොලය පාරට විසිකලේ මගේ පා අසලින්ම වැටෙන සේය... නෙතට දැනුනු අයුරුවක් හිතේ ඇදුනු නියාවෙන් ය මා ඒ කොලය දෙස වුවමනාවෙන් බැලුයේ.. " අනේ මහත්තයෝ දරු දෙන්න බඩගින්නේ කන්ට දෙයක් අරන්දෙන්ට.." .. උදැසන නිවසින් පැමිණි බස්රථය අසල මා ලග හඩා වැටුණු මව මට මතකය... "Discover Textiles, පළමු පටුමග , හිඟුරක්ගොඩ" යනුවෙන් ලියතිබුනු ඉටිකොලයේ අපේ අම්මා ලියු "දවල් කෑම එක" වචන තවමත් එහි නොමැකී පැවතින...

සිනහව.......................

අනාගතයට පෙම්කරන 
වත්මනට සළු වඩන 
කදුලින් බිහි වදින 
කදුලින්ම නිමැවෙන
සිතින් ගතින් නැගෙන
හදවතේ රාවය

හවස් ජාමෙ.....

කිරි සුදු පලගානක් වයේ මන්දු වෙච්චි හඳ දෙයියෝ තුලානේ හක්කොලන් කෝරාල ඉරගලට කෙටි තියාන හිමේ මැදින් මන්ගච්චන්නේ දැන් තොපිත් පැල් පේ උනානං හොඳා කියාන වහේ ..... එතැන හිට හින්නි ඒකාල හේනේ පනන් කොරවාල හීල් බතට පැලට රිංගන්නේ සුදහ ගින්දර වයේම ඔලු ගෙඩියේ හිට පාදානතේ පුරා දුවන කුදහ ගින්නකුත් ඇන්න.. දොලේ පැනා නාගෙන පැලට පනන් වෙනකොට දැයෙන අඩුක්කුවේ පුසුඹ අපේ ඇත්තනේ අත්ගුනේ ඇස්වහක් කටවහක් හෙම නොවෙන්ට කියපාන්නහේ.. රෑට බොටා බරිය එකුන් වලි කොරල දැයෙන කාන්සිය මාන්සිය නිවෙන්නේ අපේ මැණිකේගේ මුව පොදිත්තේ හිනා ඩිංග මැදි කෝරාල බෙදා ගේන අඩුම කුඩුම පුරා හැලුණු බත් මඩක්කුවටත් බුලත් වට්ටියටත් පින්සිද්ද වෙන්ට...

දයාබර සරත්චන්ද්‍රයාණෙනි,

ඔබ ඔබේ බිරිඳ හැරපියා ගියවිට නැගුනු කඳුළු තෙලි තුඩින් ගෙන කවි කලාමිස පිහිතුඩින් ගෙන ශෝකලාපයක් නොකළේ මන්දැයි මම නොදනිමි ..... ඔබේ පන නල පෙවූ දියණිය මමත්වයෙන් තෙදවූ බහීර් සන්ද්වනියක් ඔබේ දෙනෙත් මඩලේ රංගද්දී වයද්දී ඒ රංග භාවය සිංහ භාහුට පන කැවීමට යොදා මිස රංග මඩල අපායක් නො කලේ කෙසේදැයි මම නොදනිමි ..... අහෝ ඔබේ ගුණ බිඳක් ම කෙරේ විනම් ......... මට මේ අපාය කියවා සතුටුවන කවි පොතක්කලහැකි බවට නිසැකයි නිෂ්ටාවටම.... එත් ඒ ගුණ සිහිනයක් වු මම, නැසෙන්නට සිතීමත් නසනවාට වඩා හොඳ යයි වැනීමට ඔබේ තෙලි තුඩට පන එත්නම් ........ ඔබ කියාවි මා නිවැරදි බව අලංකාරව ....

වෙසක් ..........

මැයි මාසේ වෙසක් පෝය හඳ එලියත් එක්ක ලෑන්ඩ් මාස්ටරේක එල්ලිලා ගල් විහාරේ වන්දනා කරලා දන්සැලකින් රෑට සප්පායම්වෙලා ගෙදර ආපු කාලයක් තිබුණ කියල මතක් වෙද්දී තාමත් හිතට දැනෙන්නේ වචනෙන් විස්තර කරන්ට බැරි, ගමක ඉපදිලා ගමේ හැදුන වැඩුන එකාලට විතරක් තේරෙන හැගීමක්. එක සන්තොසයක්ද දුකක්ද කියල වෙන්කරගන්න පුළුවන් නොවෙන්නේ ඒ මතකෙත් එක්ක හීනියට ඇඳෙන හිනාවත් එක්කම ඇස් වලට දැනෙන බර ගතියක් නිසා ... මේ කොහොම වෙතත් එක දෙයක්නම් සහසුද්දෙටම මගේ මතකේ රැඳිලා තියනවා. ඒ කවදාකවත් වැස්ස වලාහක දෙයියෝ අපේ වන්දනාවට බාදා නොකළ කියල ... කොයි තරම් නාකපන වැස්සක් උනත් පෝය දවසට නවතින වගට කැට තියන්නට අපි තාමත් දතකට මැදන් ඉන්නේ....
පෝයට නවතින ඒ වැස්ස ආයේ පටන්ගන්නේ ඇසල මාසෙට යෙදෙන දළඳා පුජාවේ දිය කපිල්ලත් එක්කමයි... මේ අතර ඉමේ ඉරදෙයියෝ රජරට පුරේ අරක්ගන්නේ වල් ගැහෙ හිට රූස්ස පලු ගස් වෙනකන් ඔක්කොම කනාටු ඉරටු බවට හරවාන... ඉර දෙයියන්ට අවනත නොවිච්ච කවුඩුලු වැවේ වතුර බින්දු තමා මේ කාලෙට මනුස්සයාගේ වගේම සතා සිපාවගේත් දාහේ නිවුවේ...
අබගස් වැවේ මාමල වල් කොටන කාලේ අපිත් සීරුවට පස්සෙන් ඇදුනේ හේන් යයේ එහෙමෙහෙ දුවන හාවෝ මුවෝ බලන්ට මිස වැඩ කරන්ට තිබුණු කැමැත්තකට නෙවෙයි කියල ඒ අයත් නොදැන හිටියත් නොවේ . එහෙවු දුවපු හාපැටියෙක් ගෙදර උස්සන් ඇවිත් ලැබුණු අම්මගෙ බට ලී කෝටු සංග්‍රහය තාම මතක්වෙන්නේ හීන් හිනාවකුත් එක්කමයි. කප් හිටවද්දී වල් ගිනිතියන්ට අඩුම කුඩුම ලැහැස්ති කරන හේනේ පැලට ගහක් හොයන්නේ පෙරහැර දිය කපද්දී නාකපන වැහි පටන් ගන්න බව මාමල අදහපු නිසාවට වඩා උන්දලා ඒක අත්දැකපු නිසා ....
එත් මේපාර හැමදේම වෙනස් වෙලා ..... කවදාවත් නැතුව කවුඩුලු වැව ඉරට අවනත වෙලා පෝයට කලින් නැවතිච්ච් වැස්ස ආයේ නොයෙන්නම ගියා වගේ ... ගමේ තිබ්බ වතුර ඔක්කොම ඉර අරන්ගිහින් ... කෝටු වැටිච්ච වැවු ඉවුර දුවිලි මවන්න පටන් අරගෙන තියෙන්නේ උබල අළු දුවිලි කරනවා කියල කවුරු හරි කියපු වහසියකට දෙස් තියන්න වගේ .....

කරගැට .......

අවුවේ කර වේවි කමතට බත ඇදපු අප්පච්චිට අද උෂ්ණත්වේ සෙල්සියස් 37යි කිවුවට තේරුනේ නෑ. හැබැයි මම ඒක දැනගත්ත කියල අප්පච්චි ගොඩක් සතුටු උනා.. "මයේ පුතා හපන" කියල බුලත් කහට වලින් රටා වැටිච්ච දත් ටික පෙන්නලා කරගැට පිරිච්ච රළු අතෙන් පුළුවන් තරම් සිනිදුවට මයේ ඔලුව අත ගානවා මට තාමත් දැනෙනවා වගේ. ඒ කරගැට පිරිච්ච අත්දෙකෙන් මාව ඇදන් ගිහිල්ල ඉස්කෝලෙට දැම්මේ මගේ අතේ කරගැට නොන්නයි කියල මට තේරෙනකොට අප්පච්චි මේ ලෝකෙන් යන්න ගිහින්.


කරගැට අතින් මා සුව පහසුවට සැදු
ඒ අත් දෙකින් බත සරි කර බවුන් වැඩු
කරගැට නොඑන දෑතක් මට නිතින් පැතු
අප්පචි නුබයි මා ගැන නිතින් සිතු..
දෑතේ සවිය දියකර මා සවි කරලා
ගතේ දහදියෙන් මන් පෙත් හෙළි කරලා
නෙතේ කාන්තිය තනියට ලග තියලා
අප්පච්චි ගියා මා එන තුරු නොබලා ....

කොළඹ වනාහි ........ ......

කනවාට වඩා නොකන 
අදිනවාට වඩා නොඅඳින 
කන් දෙකට ඇබ ගසන් ලෝකයට කන් යොමන 
දහවලෙත් කරුවලට ඇස්දෙකට තිර දමන
අනුන් හඳුනන තමන් නොහඳුනන
ගෙන්දගම් පොළොවක
සැබෑ අනුරුවයි .....